Pages

Sunday, August 1, 2010

Nano ගැන තව ටිකක්...

Nano තාක්ෂණය කියන්නෙ ස්භාදහම තුළ අපිට දකින්න පුළුවන් දෙයක්.ඒකට හොඳ උදාහරණයක් තමයි නෙළුම් පත්‍රය.නෙළුම් පත්‍ර උඩට වතුර වැටුනාම , පත්‍රය මත හිටින් නැතිව ඒවා සියල්ලම පත්‍රය මතින් ලිස්සා යනවා.ඔයාලා හිතුවද මේකට හේතුව මොකද්ද කියලා.සරළව කිව්වොත් හේතුව තමයි නෙළුම් පත්‍ර ඉතා සිනිඳු වීම, කොතරම් සිනිඳු ද කිව්වොත් අපිට සාමාන්‍ය අක්වීක්ෂයකින් පවා මෙහි සිදුරු දැකගන්න බෑ.ඒකට හේතුව තමයි නෙළුම් පත්‍ර වල අංශු සකස් වී තියන්නෙ නැනෝ මට්ටමින් වීම නිසා.

නැනෝ අංශු කියන්නෙ 1nm – 100nm අතර ප්‍රමාණයේ අංශු.ඒ අනුව ඕනෑම උපකරණයක් 1nm-100nm ත් අතර පරිමාණයෙන් නිපදවීම නැනෝ තාක්ෂණයේ අරමුණයි.දැනට භාවිතයේ ඇති සියළුම උපකරණ ඉතා කුඩාවට නිපදවිමෙන් ඒකක පරිමාණයක ඇති උපකරණ සංඛ්‍යාව වැඩිවීම නිසා කාර්යක්ෂමතාවය වැඩි , වේගය වැඩි උපකරණ නිපදවීමට නැනෝ තාක්ෂණය යොදාගන්න ලොව බොහෝ පිරිස් අද උනන්දු වෙනවා.

3 comments:

  1. පොඩි දෙයක් එකතු කරන්නම්. ඇත්තටම නෙළුම් පත්‍රය නැනෝ කියන එකට හොඳ උදාහරණයක්. නමුත් එතන වෙන දේ තමයි, නෙළුම් පත්‍රය මත තිබෙන කෙඳි (අපේ රෝම වගේ) ඉතාම ලඟින් පිහිටල තිබීම සම ඒවා ඉතාම සියුම් නිසා, ජල බිංදු වලට ඒ කෙඳි වලට ඇලීමට තරම් පෘෂ්ඨික ආතති බලයක් ගොඩ නගාගන්න බෑ. අන්න ඒ නිසයි නෙළුම් පත්‍රය උඩ ජලය රඳන්නෙ නැත්තෙ.

    නැනෝ තාක්ෂණය ගැන ලියපු පොඩි ලිපියක් තිබෙනව, ඒකත් කියවල බලන්නකෝ.
    http://mysinhalablog.blogspot.com/2009/09/blog-post_11.html (ඇත්තම කිව්වොත් ඒක මගෙ මිතුරෙක්ගෙ ලිපියකට කළ අදහස් දැක්වීමක්, ඒ මිතුරාගේ ලිපියත් කියවල බලන්න, මේ ලින්ක් එකෙන් මගෙ බ්ලොග් එකට ගිහිල්ල ඒකෙන් ලිපියට යන්න.)

    ReplyDelete
  2. :D නැනෝ තාක්ශනයෙන් තමයි දැන් ගොඩක් එව්ව හදන්න යන්නේ.එ හින්ද එව එන්න එන්නම පොඩි වෙනවා... එකනේ තාක්ශනය කියන්නේ.කොහොම හරි ස්තූතිය් මේ ගැන ලිපියක් පල කරාට

    ReplyDelete