Pages

Sunday, August 1, 2010

Nano ගැන තව ටිකක්...

Nano තාක්ෂණය කියන්නෙ ස්භාදහම තුළ අපිට දකින්න පුළුවන් දෙයක්.ඒකට හොඳ උදාහරණයක් තමයි නෙළුම් පත්‍රය.නෙළුම් පත්‍ර උඩට වතුර වැටුනාම , පත්‍රය මත හිටින් නැතිව ඒවා සියල්ලම පත්‍රය මතින් ලිස්සා යනවා.ඔයාලා හිතුවද මේකට හේතුව මොකද්ද කියලා.සරළව කිව්වොත් හේතුව තමයි නෙළුම් පත්‍ර ඉතා සිනිඳු වීම, කොතරම් සිනිඳු ද කිව්වොත් අපිට සාමාන්‍ය අක්වීක්ෂයකින් පවා මෙහි සිදුරු දැකගන්න බෑ.ඒකට හේතුව තමයි නෙළුම් පත්‍ර වල අංශු සකස් වී තියන්නෙ නැනෝ මට්ටමින් වීම නිසා.

නැනෝ අංශු කියන්නෙ 1nm – 100nm අතර ප්‍රමාණයේ අංශු.ඒ අනුව ඕනෑම උපකරණයක් 1nm-100nm ත් අතර පරිමාණයෙන් නිපදවීම නැනෝ තාක්ෂණයේ අරමුණයි.දැනට භාවිතයේ ඇති සියළුම උපකරණ ඉතා කුඩාවට නිපදවිමෙන් ඒකක පරිමාණයක ඇති උපකරණ සංඛ්‍යාව වැඩිවීම නිසා කාර්යක්ෂමතාවය වැඩි , වේගය වැඩි උපකරණ නිපදවීමට නැනෝ තාක්ෂණය යොදාගන්න ලොව බොහෝ පිරිස් අද උනන්දු වෙනවා.

Friday, July 30, 2010

කාර්මික විප්ලවය 5 - NANO තාක්ෂණය

ලෝකය තුළ විවිධ කාල පරාසතුළ කාර්මික විප්ලව පැවතුණි.වර්ථමානයේ කාර්මික විප්ලවයේ 5 වන අදියරය තුළ නිෂ්පාදන සඳහා Nano තාක්ෂණය ප්‍රධාන වශයෙන් යොදාගනිමින් පවතී.

ඇත්තටම Nano තාක්ෂණය එසේත් නැතිනම් නිණිති තාක්ෂණය යනුවෙන් අදහස් වෙන්නේ මොකද්ද...? ඉතා සරළව කිව්වොත් නැනෝ පරිමාණය මත ගොඩනැගුණු තාක්ෂණයට තමයි අපි Nano තාක්ෂණය කියන්නෙ.මෙහි අදහස තමයි ඕනෑම දෙයක් කුඩාම කර නිපදවීම කියන එක.නැනෝ පරිමාණය යනුවෙන් අදහස් කරන්නේ මීටරයකින් බිලියනයෙන් කොටසක්.ඒ කියන්නේ 1m = 109nm. දැන් පැහැදිලි ඇති නැනෝ පරිමාණය කියන්නේ කොච්චර කුඩා දෙයක්ද කියලා.

නැනෝ අංශු කියන්නේ නැනෝ භාවිතයෙන් සාදන අංශු වලට.මෙම අංශු භාවිතයෙන් තමා යම් යම් නිෂ්පාදන සාදන්නෙ.නමුත් නැනෝ අංශු පියවි ඇහැට තියා සාමාන්‍ය අන්වීක්ෂයකින් වත් අපිට දැකගන්න බෑ .මේවා දැකීමටනම් නැනෝ පරිමාණය යටතේ හදපු විශේෂ අන්වීක්ෂ වගේ උපකරණ ඕනි වෙනවා.මොකද ඒවා එතරම් පොඩි නිසා.මේ හේතුව නිසා ඉතා කුඩා , කාර්යක්ෂමතාව ඉතා ඉහළ භාණ්ඩ නිපදවීමට Nano තාක්ෂණය යොදාගන්න ලොව බොහෝ පිරිස් උනන්දු වෙනවා.

Saturday, July 17, 2010

Turbo Boost ගැන දන්නවද...?

Intel සමාගම විසින් “ i” පරම්පරාවේ Processors හඳුන්වා දීමත් සමඟම අපි මේ Turbo Boost ගැන කතාකරන්න පටන් ගත්තා. ඇයි අපි ඒ ගැන කතාකරන්නේ...? ඒකට හේතුව වෙන්නෙ “i” පරම්පරාවෙ i5,i7 කියන Processors වෙළඳපොළට පැමිනෙන්නෙ මේ Turbo Boost කියන තාක්ෂණයත් එක්ක නිසා.ඒ වුනාට i3 කියලා හඳුන්වන Processor එකේ Turbo Boost තාක්ෂණය ඇතුලත් නෑ.මොකද i3 Processor එක වෙළඳපොළට පැමිනෙන්නෙ i5 Processor එකේ Economic Version එකක් විදිහට නිසා.

Turbo Boost තාක්ෂණයෙන් මොකද්ද වෙන්නේ...?සරළව කිව්වොත් මේකෙන් වෙන්නෙ Processor එකක තියෙන සම්මත සංඛ්‍යාතයට (frequency or clock speed) වඩා වැඩි සංඛ්‍යාතයක් Processor එකට ලබා දීමයි.මේ සංසිද්ධිය ස්වයංක්‍රීයව සිදුවෙන දෙයක් වුනාට ඒක සිද්ධ වෙන්නෙ Operating System (OS) එකෙ අවශ්‍යතාවය පරිදි.තව ඒ ගැන පැහැදිලි කලොත් OS එකේ Work Load එක වැඩි උනාම OS එක Processor එකෙන් ඉහළ ක්‍රියාකාරිත්වයක් (High Performance) ඉල්ලනවා OS එකේ වැඩ ටික කරගන්න.ඔන්න ඒ වෙලාවට තමයි මේ Turbo Boost කියන තාක්ෂණය ක්‍රියාත්මක වෙලා "i" පරම්පරාවෙ Processors වලට වැඩි ක්‍රියාකාරිත්වයක් ලබාදෙන්නෙ.

Turbo Boost තාක්ෂණය පාවිච්චි කරන Processors විදිහට මේවා හඳුන්වන්න පුළුවන්,
• Intel® Core™ i7 mobile and desktop processors
• Intel® Core™ i7 processor extreme edition
• Intel® Core™ i7 mobile processor extreme edition
• Intel® Core™ i5 mobile and desktop processors

Friday, July 16, 2010

මොකද්ද මේ Blu-Ray ...?

ඇත්තටම Blu-Ray කියලා හඳුන්වන්නෙ Blu-Ray Disk (BD ) කියන එකට.අපි මේ Blu-Ray Disk පාවිච්චි කරන්නෙ දත්ත ගබඩා කර තියාගන්න device එකක් විදිහට.ඒ කියන්නෙ Optical Disk Storage එකක් විදිහට. Blu-Ray Disk වලට Blu-Ray කියන නම වැටුනෙ ඒවාගෙ දත්ත (data) read සහ write කරන්න පාවිච්චි කරන්නෙ තරංග ආයාමය (wavelength) 405 nm වන blue-violet laser (කිරණ) නිසා.

මෙම blue-violet laser නිසා සාමන්‍ය DVD එකක මෙන් 10 ගුණයක පමණ ධාරිතාවක් (capacity) Blu-Ray Disk වල අඩංගුයි. ඒ කියන්නෙ Single-layered නම් 25GB ක් පමණද Dual-layered disc නම් 50GB ක් පමණද වශයෙන්. ඒකට හේතුව , සාමාන්‍ය DVD එකක දත්ත read සහ write කරන්න පාවිච්චි කරන්නෙ තරංග අයාමය 650 nm වන red laser නිසා .ඊළඟ post එකකදි මම මේ තරංග ආයාම,laser කතාව ගැන වැඩි විස්තර කියන්නම්...

මොකද්ද මේ Single-layered සහ Dual-layered කතාව.Disc එකක් ගත්තාම ඒකෙ දත්ත ගබඩා කරන ස්ථර ගණන 1 ක් නම් ඒක Single-layered disc එකක් විදිහටත් , දත්ත ගබඩා කරන ස්ථර ගණන 2ක් නම් ඒක Dual-layered disc එකක් විදිහටත් සරළව අපිට හඳුන්වන්න පුළුවන්.

ප්‍රධාන වශයෙන් Blu-Ray Disk පාවිච්චි කරන්නෙ High-definition video, Video Games වගේ ඉහල ධාරිතාවක් තියෙන දේ ගබඩා (store) කරන්න.

Thursday, July 15, 2010

SSD තාක්ෂණය

මොකද්ද මේ SSD කියන්නේ...? SSD කියන අකුරු තුනේ තේරුම තමයි Solid State Drive කියන එක.අපි මොකටද SSD පාවිච්චි කරන්නේ...? මේකට උත්තරය තමයි දත්ත ගබඩා කිරීම සඳහා.ඒ කියන්නේ data storage device එකක් විදිහට.SSD වලදි දත්ත ගබඩා කිරීමට Solid State Memory කියන තාක්ෂණය තමයි යොදාගන්නෙ. Solid State Memory කියන්නෙ එක් වර්ගයක Computer Memory එකක්, ඒකෙදි වෙන්නෙ චලනය නොවන කොටස් තියෙන Hardware device එකක් තුල දත්ත ගබඩා කරනවා කියන සංසිද්ධිය.

සාමාන්‍ය Hard disk එකක (HDD) තියෙන භ්‍රමණ disks, චලනය වෙන read/write heads කියන දේවල් SSD එක ඇතුලෙ නැහැ.ඒ වෙනුවට SSD එකේදි දත්ත ගබඩා කිරීමට පාවිච්චි කරන්නෙ microchips.මේ හේතුව නිසා HDD වලට වඩා SSD වල දත්ත පරිශීලන වේගය (access speed) ගොඩක් වැඩියි.ඒ වගේම චලනය වන කොටස් නැති නිසා ශක්ති පරිභෝජනය (power consumption) අඩුයි.

දිය දහරාවක ඇරඹුම...

වර්තමාන ලෝකය ගත්තහම තාක්ෂණය අතින් අපි අද ඉන්නෙ ගොඩක් ඉහළ තැනක. සමහර විට මීට අවරුදු 50 කට පමන උඩදි මිනිස්සු හිතන්න නැතිව ඇති මෙච්චර වේගයෙන් තාක්ෂණය දියුණු වෙයි කියලා.තාක්ෂණය කොච්චර වේගයෙන් දියණු වෙනවද කිවිවොත් මේ post එක ලියන්න පටන් ගත්ත වෙලේ තියෙන දේ නෙමෙයි දැන් තියෙන්නෙ .

තාක්ෂණයත් එක්ක වැඩ කරන අපි අළුත් වන දේ ගැන දන්නැත්තම් අපිට ඉස්සරහට යන්න අමාරුයි.ඉතින් මම මේ BLOG එකෙන් ලියන්න යන්නේ මොහතින් මොහත අළුත් වෙන තාක්ෂණ ලෝකයේ දේවල් ගැන.අළුත් දේ දැනගන්න කැමති අයට මේක කියවලා අළුත් දේවල් ගැන දැනගන්න පුළුවන් .මම එහෙනම් දැන් ඉඳලා අළුත් දේ ගැන පිපාසය තියෙන අයට දිය දෝතක් දෙන්නයි යන්නෙ....