Pages

Saturday, December 10, 2011

Pen Drive හදන හැටි බලමු

මේ කාලයේ Pen Drive එකක් එහෙම නැත්තම් Memory Chip එකක් පාවිච්චි කරලා නැති කෙනෙක් හොයාගන්නත් නැති තරම්. ඒත් ගොඩක් අය ඒවා හදන්නෙ කොහොමද කියලා නම් දැකලා නැතිව ඇති. මේක බැලුවාම තමයි මටත් තේරුනේ මේවා හදන වැඩෙත් ලංකාවේ Garment Factory වල ඇඳුම් මහනවා වගේ දෙයක් කියලා හදන රටවල් වලට. මෙන්න Video එක ඔයාලත් බලලා Comment එකකුත් දාලාම යන්නකො.


Sunday, November 20, 2011

Siri ගැන ඇහෙනවද මේ දවස් වල

අළුතෙන් market එකට ආපු iPhone 4S කියන phone එකත් එක්ක තමා මේ Siri කියන කථාව පටන් ගන්නේ.
කෙටියෙන් කිව්වොත් Siri කියන්නේ  intelligent software assistant කෙනෙක්. ඒ කියන්නේ application එකක් iOS එකට අළුතෙන් එකතු වෙච්ච එකෙන් අපිට phone එකත් එක්ක කතා කරන්න පුළුවන්. අපිට අවශ්‍ය දේවල් Siri application එකෙන් කරගන්න පුළුවන්. උදාහරණ වශයෙන් send messages, schedule meetings, place phone calls සහ තවත් බොහෝ දේ ...

Siri ගැන වැඩි විස්තර දැනගන්න මේ Link එකට යන්න.

Sunday, March 13, 2011

අලුතින් ආපු Second Generation PROCESSORS

INTEL සමාගම I පරම්පරාවේ PROCESSORS හඳුන්වා දීමත් සමගම පරිඝනක ලෝකයේ අලුත් පිටුවක් පෙරලුනා. දැන් ඔවුන් ඊටත් වඩා පෙරළියකට සූදානම් වෙනවා. ඒ තමයි “දෙවන පරම්පරාවේ INTEL PROCESSORS ” හඳුන්වාදීම ( Second Generation Intel® Core™ Processor Family). මෙහිදී PROCESSORS නිපදවීමට INTEL® VPRO™ නමින් හඳුන්වන අලුත් තාක්ෂණය තමයි මේ අය පාවිච්චි කරලා තියෙන්නෙ. INTEL® VPRO™ තාක්ෂණය යටතේ එන විශේශාංග ගැන කෙටියෙන් ලියනවා නම් intelligent client computing, maximizing hardware assisted security, simplifying PC management, and providing more responsive, adaptive performance වගේ දේවල් තමයි මේ processor එකට ඇතුලත් ප්‍රධාන ම දේවල් වෙන්නෙ.

ඊට අමතරව මොවුන් Intel® Turbo Boost Technology 2.0 තාක්ෂණය ද මේ processors වලට යොදාගෙන තියෙනවා. Turbo Boost තාක්ෂණය ගැන වැඩි විස්තර මම කලින් Post එකක ලියලා ඇති. http://pipasaya.blogspot.com/2010/07/turbo-boost.html

POST එක කියවලා ඉවරනම් මේ VIDEO එකත් බලන්න.
http://www.youtube.com/watch?v=RmyxyNhRiTI/

Sunday, August 1, 2010

Nano ගැන තව ටිකක්...

Nano තාක්ෂණය කියන්නෙ ස්භාදහම තුළ අපිට දකින්න පුළුවන් දෙයක්.ඒකට හොඳ උදාහරණයක් තමයි නෙළුම් පත්‍රය.නෙළුම් පත්‍ර උඩට වතුර වැටුනාම , පත්‍රය මත හිටින් නැතිව ඒවා සියල්ලම පත්‍රය මතින් ලිස්සා යනවා.ඔයාලා හිතුවද මේකට හේතුව මොකද්ද කියලා.සරළව කිව්වොත් හේතුව තමයි නෙළුම් පත්‍ර ඉතා සිනිඳු වීම, කොතරම් සිනිඳු ද කිව්වොත් අපිට සාමාන්‍ය අක්වීක්ෂයකින් පවා මෙහි සිදුරු දැකගන්න බෑ.ඒකට හේතුව තමයි නෙළුම් පත්‍ර වල අංශු සකස් වී තියන්නෙ නැනෝ මට්ටමින් වීම නිසා.

නැනෝ අංශු කියන්නෙ 1nm – 100nm අතර ප්‍රමාණයේ අංශු.ඒ අනුව ඕනෑම උපකරණයක් 1nm-100nm ත් අතර පරිමාණයෙන් නිපදවීම නැනෝ තාක්ෂණයේ අරමුණයි.දැනට භාවිතයේ ඇති සියළුම උපකරණ ඉතා කුඩාවට නිපදවිමෙන් ඒකක පරිමාණයක ඇති උපකරණ සංඛ්‍යාව වැඩිවීම නිසා කාර්යක්ෂමතාවය වැඩි , වේගය වැඩි උපකරණ නිපදවීමට නැනෝ තාක්ෂණය යොදාගන්න ලොව බොහෝ පිරිස් අද උනන්දු වෙනවා.

Friday, July 30, 2010

කාර්මික විප්ලවය 5 - NANO තාක්ෂණය

ලෝකය තුළ විවිධ කාල පරාසතුළ කාර්මික විප්ලව පැවතුණි.වර්ථමානයේ කාර්මික විප්ලවයේ 5 වන අදියරය තුළ නිෂ්පාදන සඳහා Nano තාක්ෂණය ප්‍රධාන වශයෙන් යොදාගනිමින් පවතී.

ඇත්තටම Nano තාක්ෂණය එසේත් නැතිනම් නිණිති තාක්ෂණය යනුවෙන් අදහස් වෙන්නේ මොකද්ද...? ඉතා සරළව කිව්වොත් නැනෝ පරිමාණය මත ගොඩනැගුණු තාක්ෂණයට තමයි අපි Nano තාක්ෂණය කියන්නෙ.මෙහි අදහස තමයි ඕනෑම දෙයක් කුඩාම කර නිපදවීම කියන එක.නැනෝ පරිමාණය යනුවෙන් අදහස් කරන්නේ මීටරයකින් බිලියනයෙන් කොටසක්.ඒ කියන්නේ 1m = 109nm. දැන් පැහැදිලි ඇති නැනෝ පරිමාණය කියන්නේ කොච්චර කුඩා දෙයක්ද කියලා.

නැනෝ අංශු කියන්නේ නැනෝ භාවිතයෙන් සාදන අංශු වලට.මෙම අංශු භාවිතයෙන් තමා යම් යම් නිෂ්පාදන සාදන්නෙ.නමුත් නැනෝ අංශු පියවි ඇහැට තියා සාමාන්‍ය අන්වීක්ෂයකින් වත් අපිට දැකගන්න බෑ .මේවා දැකීමටනම් නැනෝ පරිමාණය යටතේ හදපු විශේෂ අන්වීක්ෂ වගේ උපකරණ ඕනි වෙනවා.මොකද ඒවා එතරම් පොඩි නිසා.මේ හේතුව නිසා ඉතා කුඩා , කාර්යක්ෂමතාව ඉතා ඉහළ භාණ්ඩ නිපදවීමට Nano තාක්ෂණය යොදාගන්න ලොව බොහෝ පිරිස් උනන්දු වෙනවා.